සිය ආයතනය හරහා ලබා දීමට සාකච්ඡ කරමින් සිටි ණය මුදල ලබාදීමට සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකරගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය විසඳෙන තුරු බලා සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවලට අදාළව ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සහ ඉහළ පෙලේ නියෝජිතයන් අතර තවදුරටත් අදහස් හුවමාරු කරගනිමින් සිටින බවයි එහි ප්‍රකාශක ගෙරී රයිස් සඳහන් කරන්නේ
මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වෙන බවද හැකි ඉක්මණින් ඉහළම මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසනවා.