පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ අතීතය අමතක නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම ප්‍රතික්ෂේප කළ අතීතයක් මීට පෙර ද තිබූ බවයි ඔහු සිහිපත් කර සිටියේ
මහා මාර්ග වල ටයර් සෑයන්හී තරුණයන් ගිණිබත් වූ බවත් රට අරාජික වූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
පාසල් යන දරුවන්ව එවැනි විරෝධතාවලට ඇදගෙන ගිය බවත් එවැනි යුගයක් මෙරටට නැවතත් අනවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා.
එමෙන්ම, තමන්ට සහ සිය පවුලට සිදුකරන අපහාස ඉවසිය හැකි වුවත් පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවන්ට අපහාස නොකරන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටිනවා.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පලකළේ අද (11) විශේෂ ප්‍රකාශයක් කරමින්.