30 C
Colombo
Friday, December 20, 2024

අපි එට්කා ගිවිසුමට අත්සන් කළේ නැහැ – ඇමති විජිත

- Advertisement -

එට්කා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක එකඟ වී නොමැති අතර එම ගිවිසුමට අදාළව තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට පමණක් එකඟවූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (20) පැවති ජනාධිපතිවරයාගේ ඉන්දිය නිල සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විජිත හේරත් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේ අපේ රටට හානිදායක ගිවිසුම්වලට එළඹීමට කිසිසේත් අපේක්ෂා නොකරන බවයි.

නමුත් දෙරටේම ආර්ථිකයේ හා වෙළඳාමේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බවත් විජිත හේරත් මහතා පෙන්වා දුන්නා.

“එට්කා ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවක් කාලයක් තිස්සේ තියෙනවා. එට්කා, නැතිනම් දෙරට අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳ එකඟතාවයක් සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යන්න තමයි අපි කටයුතු කළේ. එහෙම නැතුව ඉන්දීය සංචාරයෙන් පස්සෙ එට්කා ගිවිසුමට අත්සන් කරලා නැහැ. සමහර බංකොලොත් වෙච්ච දේශපාලකයෝ තැන තැන කියනවා එට්කා ගිවිසුම අත්සන් කළා කියලා, එහෙම එකක් නැහැ. එට්කා පිළිබඳව මෙතක් පවතින තත්වයක් ගැන සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න තමයි එකඟ වෙලා තියෙන්නේ”

RECENT ARTICLES - SINHALA

නෙවිල් සිල්වා යළි රිමාන්ඩ්

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා දෙසැම්බර් 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට රත්නපුර අතිරේක මහෙස්ත්‍රාත් දුනීසා...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන කුලසිංහම් දිලීපන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉඩම් ගනුදෙනුවකට අදාළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. වවුනියාව...

කුඩු සළිඳුට ඇප

සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා...

POPULAR ARTICLES