28.6 C
Colombo
Friday, April 11, 2025

පළාත්පාලන ආයතනවල බලය කොමසාරිස්වරුන් යටතට පත් කිරිමට අපි එකඟ නැහැ- පොහොට්ටුව

- Advertisement -

පළාත් පාලන ආයතන නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විෂයභාර අමාත්‍යවරයා සතුව එක් ප්‍රතිපාදනයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඡන්දයට මුදල් ලබාදිය හැකි කාලසීමාව ප්‍රකාශ කරන්නේ නම් ඒ වනතෙක් පළාත්පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට අමාත්‍යවරයාට නීතිමය ප්‍රතිපාදන පවතින බව මහලේකම් සාගර කාරියවසම් මහතා කියාසිටියා.

එමෙන්ම නිල කාලය අවසන්වන පළාත්පාලන ආයතනවල බලය කොමසාරිස්වරුන් යටතට පත් කිරිමට පොදුජන පෙරමුණ එකඟ නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය සතියේ පළාත්පාලන ආයතනවල කාලය දීර්ඝ කරන ලෙස විෂයභාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අරලියගහ මන්දිරයේදී හමුවී දැනුවත් කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් කියා සිටියා.

කෙසේ වෙතත්, පැෆරල් සංවිධානය පෙන්වා දෙන්නේ පවතින නිතීය තුල පළාත් පාලන ආයතනවල කාලය දිර්ඝ කිරිමේ හැකියාවක් නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

රොෂාන් CID ආවේ ඇයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11)ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන සමයේ ක්‍රිකට් අතුරු...

රැඳවියන් බලන්න විශේෂ අවස්ථාවක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව...

Govpay හරහා දඩ ගෙවන්නේ මෙහෙම

රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් රියදුරන්ට නිකුත් කරනු ලබන දඩ පත්‍රිකාව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතිය සම්බන්ධව විශේෂ...

POPULAR ARTICLES