30 C
Colombo
Sunday, November 17, 2024

අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ – මහින්ද 

- Advertisement -

අද (09) දිනයේ අරලියගහ මන්දිරයට රැස්ව සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තීරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

“රට ආරාජික කරන්න අපිට අවශ්‍ය නෑ. මගේ ප්‍රතිපත්තිය අභියෝගවලට මුහුණදීලා අභියෝග ජය ගැනීම. අභියෝග හමුවේ පළායෑමේ සිරිතක් අපිට නෑ. අපි ඒවට පූර්වාදර්ශ දීලා තියෙනවා.

ආර්ථික අර්බුදය හමුවේ විරුද්ධ පක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙනියනවා. ඔවුන්ට අවශ්‍ය බලය විතරයි. මහානායක ස්වාමීන්වහන්සේලා, කාදිනල් තුමා සංර්ව පාර්ශික ආණ්ඩුවක් යෝජනා කරනවා.

ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එළබෙන්න පුළුවන්. පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම්.

මාව දේශපාලනයට ගෙනාවේ ඔබ තැබූ විශ්වාසය. මම දැන් ඔබෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා. ඔබත් එක්ක එක තීරණයට එන්න අපි සූදානම්.

පළමුවත් මව්බිම. දෙවනුවත් මව්බිම. තෙවනුවත් මව්බිම.

ඔබ සැමට සුබ අනාගතයක්.”


RECENT ARTICLES - SINHALA

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) මෙරටට පැමිණීමට නියමිතයි. ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි පැවසෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී...

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ...

අපි ඊළඟ පාර අලියාගෙන් ඉල්ලලා දිනමු

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පෙරවරුවේ පවත්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...

POPULAR ARTICLES