අප්‍රේල් 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධයට තමන් සහය නොදක්වන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
තමා ඊට සහය ලබා දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි ඔහු පවසන්නේ.
තවද පක්ෂ 11ක එකමුතුව ද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බවත් වීරවංශ මහතා අවධාරණය කරනවා.
කෙසේ නමුත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට සහභාගි වන බව පැවසීම මගින් මෙය සමගි ජන බලවේගය මෙහෙයවන විරෝධතාවයක් බව බොහෝ දුරට තහවුරු වෙමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේම මෙම ‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට’ හසු නොවන ලෙස ආණ්ඩු විරෝධී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.