මේ අවුරුදු 17ම රට පාලනය කළ රරාජපක්ෂවරුන් සහ රනිල් වික්‍රමසිංහ විසින්ම ජනතාවට අර්බුදය පිළිබඳව පෙන්නවීම ලැජ්ජා සහගත සහ විහිළු සහගතයි යැයි ජ.වි.පෙ. හා ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ, පෙරේදා (11දා) පොළොන්නරුව පැවැති ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් සමුළුව අමතමින්. මෙම දිස්ත්‍රික් සමුළුවේදී දිස්ත්‍රික් විධායක සභිකවරුන් පත්කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මන්ත්‍රිවරයා,
“මේ වෙලාවේ රටේ ගමනාගමනය විශාල ප්‍රමාණයකට ඇනහිටලා තිබෙනවා. පාරවල්වල බස් නෑ. මෝටර් සයිකල්වලට ගහගන්න තෙල් ටික නෑ. තෙල් ටිකක් තිබුණත් ගන්න සල්ලි නැහැ. ෂෙඩ් ඉස්සරහා වාහන පෝලිමට නතර කරලා. මේ කාලෙ තමයි වැඩ වැඩිම කාලේ. ගොවියගෙ යන්ත්‍ර සූත්‍රවලට තෙල් නෑ. වී ගොවිතැන විශාල අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. එහෙම තියෙද්දී තමයි ජනතාව අපි එක්ක මෙහෙම සම්බන්දවෙලා ඉන්නේ. ඒ ගැන ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාට.
මෙහෙම විනාශයකට පත් විය යුතු රටක්ද මේක? මෝසම් වර්ෂාව, දේශගුණය, සාරවත් භූමිය, වැව් 34,000කින් දැන් 14,000ක් පමණ තිබෙනවා. වැදගත් නාවික ගමනාගමන කේන්ද්‍රයක් මේ. රට ලෝක වෙළෙඳාමේ තුනෙන් එකක්ම අපේ මුහුදෙන් ගන්නෙ. ගිනිකඳු නැහැ. හැබැයි පාර්ලිමේන්තුව අමතා අගමැති කියනවා වේල් දෙකක් කන්න පුරුදු වෙන්නලු. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැලු. අර්බුදයේ ප්‍රකාශකයා අද රනිල්. කෝටි ලක්ෂයක් මුදල් අච්චු ගහන්න ඕනේ කියනවා. දවසකට විතරලු කන්න තියෙන්නෙ. රනිල් කියන්නේ රටේ හය පාරක් අගමැති වුණු කෙනෙක්. එහෙම කෙනෙක් තමයි මෙහෙම කියන්නේ.
2005 සිට මේ වනතෙක් ගතවූ අවුරුදු 17ම රට පාලනය කළ ඒ රාජපක්ෂලායි රනිලුයි. මෛත්‍රි පොඩි මුක්කුවක් වගේ ගහගෙන හිටියා. හැබැයි මේ අවුරුදු 17 මේ රට පාලනය කළ රාජපක්ෂලයි රනිලුයි දැන් කියනවා, මේ ජනතාවට අර්බුදය පෙන්නනවා. වේල් දෙකක් කාපල්ලලු. මේගොල්ලෝ තමයි රට මේ තත්ත්වයට අර්බුදයට ගෙනාවේ. එහෙව් අය ජනතාවට පටි තද කරගන්න කියන්නෙ. මේ අර්බුදයේ කර්තෘ හංගනවා. කර්තෘ අඥාතයි. මේ ස්වාභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙමෙයි කියා මා නිතරම කියනවා. මේ අර්බුදය නිර්මාණය කළ බොහෝ අය අද ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරන එක විහිළුවක්.
ඒ එක්කම මේක ආර්ථික ප්‍රශ්න නිසාම ඔඩුදුවපු අර්බුදයක් නෙවේ. දේශපාලන අර්බුදය මීට බලපෑවා. ඒක මතක තියාගන්න. ඉස්සර මෛත්‍රි ජනාධිපති ඉන්නකොට ඊළඟට එන්න හිටියේ මෛත්රිගේ පුතයි, දුවයි. එහෙම තමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය හැඩ ගැහිලා තියෙන්නේ. මේ දවස්වල රාජපක්ෂලාගේ පවුල ගැන වීඩියෝවක් තිබෙනවා. ඩී. ඒ. රාජපක්ෂලාගේ ඉඳලා මේ රාජපක්ෂලා කීදෙනෙක් ආවද. දේශපාලනය කළාද. ඇවිත් වෙන මොකුත්ම කෙරුවේ නෑ.
මේ පවුල නඩත්තු වුණා විතරයි. ඒ පවුල හා කණ්ඩායම වර්ධනය කරගැනීම හැර වෙන කරපු දෙයක් නෑ. මේ රටේ අර්බුදයේ නිර්මාතෘ මේගොල්ලෝ නෙවෙයිද? ඒ වගේම හැම තැනම තෙල් පෝලිම්. ගෑස් පෝලිම්. මේක නිර්මාණය කළේ මේ පාලකයෝ මිසක රටේ ජනතාව නෙමෙයි. රටේ ජනතාව කිසිසේත්ම මේවට සම්බන්ධ නැහැ. කිසිසේත්ම සම්බන්ධ නෑ කියන්නත් බැහැ. මේගොල්ලෝනෙ ඡන්දය දීලා ඒ අය පත් කළේ. ඒක හින්දා ඒ වගකීමෙන් මිදෙන්නත් බැහැ. ඒ ඡන්දය දුන් මිනිස්සුන්ට ඒ වගකීම තිබෙනවා. හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන්. ජාතික ජන බලවේගය වටා එක්ව වෙනස් කළ හැකියි.
මේ දේශපාලනය හා ආර්ථිකය මෙච්චර විනාශ වුණේ වංචා දූෂණ හින්දා. අපේ රටේ ජනාධිපති වූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුක්තිය ලැබෙනවා. ජනාධිපතිට නඩු දාන්න බෑ. ඒත් මේ ජනාධිපතිට වංචා දූෂණ සම්බන්ධ අපරාධ නඩුවක් තියෙන කෙනෙක්. ඒ නඩුවෙන් ගැලවිලා ඉන්නේ ජනාධිපති මුක්තිය පාවිච්චි කරලා. එහෙම කෙනෙක් තමයි මේ රටේ ජනාධිපති ධුරය දරන්නේ. එතකොට මේ අගමැති කියන්නේ කවුද. රනිල් වික්‍රමසිංහ. රනිල් මේ රටේ මහ බැංකුව කොල්ලකන්න තමන්ගේ ගජ මිතුරන්ට ඉඩ දුන් කෙනෙක්.
ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කෝටි ගණන් කප්පම් අරගෙන අධිකරණයේ නඩුවක් තියෙනවා. සිර දඬුවම්වලට ලක් නොවුණු එක වෙනම කතාවක්. හැබැයි කෝටි දෙකහමාරක දඩයක් ගහලා තිබෙනවා. ඒ වෙන මොකටවත් නෙමෙයි කප්පම් ගත්ත හින්දා. මේ පාර්ලිමේන්තුවේ පළමුවැනි ආසනේ ඉඳලා මම කියන්නේ. අනිත් අය ගැන කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ අය රට හදයිද? මේ අය ගැන ජනතාවට අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. මේ වංචනිකයන්ට දූෂිතයන්ට තිත තියන්න අපි කටයුතු කරනවා. ජනතාව ඒක දැන් විශ්වාස කරමින් තිබෙනවා.
ඒ වගේම පහුගිය දවස්වල හිටපු ජනාධිපතිනිය හෙළිදරව් කළා හිටපු ජනාධිපති කෙනකුගේ පුතකුගේ ගිණුමට ඩොලර් බිලියනයක් දාලා තියෙනවා කියලා. මේ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති ගැන නෙවෙයි කියන්නේ. මේ කොච්චර නම් විශාල මුදලක්ද, මේවා රටේ ජනතාවගේ සල්ලි. අපේ රටට හොඳ පාලනයක් ඕනේ.
මහජන දේපොළ නැවත පවරා ගන්න හොඳ පාලනයක් ඕනෑ. ඒක පුළුවන් අපිට විතරයි. කවදාවත් දූෂිතයෙක් දූෂිතයකුට දඬුවම් දෙන්නේ නැහැ. ඒක මතක තබාගන්න. පෝලිම්වල ඉඳලා එකොළොස් දෙනෙක් මැරිලා තිබෙනවා දැනට. මේ ජීවත් වෙන්න හිටිය මිනිස්සු. ආණ්ඩුවේ වාර්තාවල තියෙනවා අවුරුදු 4ට අඩු දරුවන් සීයට 44කට බහු විධ ඌනතා තිබෙනවා කියලා. ඒ වගේම ගැබිනි මවුවරුන්ගෙන් සියයට විස්සකට රක්ත හීනතාව තියෙනවා කියනවා.
මේ වගේ රටක් හැදුවේ මේ පාලකයෝ නොවෙයිද. මූල්‍ය පාලනයක් නැතිව ආර්ථිකය කඩා වැට්ටුවේ මේ අය නෙවෙයිද, හිටපු මහ බැංකු අධිපතිත් මේවට වගකියන්න ඕනැ. හරි නම් කබ්රාල් මහ බැංකු හිටපු අධිපති ඉන්න ඕනි හිරේ. බැසිලුත් එහෙම ඉන්න ඕනේ කෙනෙක්. ඕන නම් කබ්රාල්ගේ තනියට බැසිලුත් යවන්න පුළුවන්. ජනාධිපති හරි නම් මේ වෙද්දි ඉල්ලා අස්වෙන්න ඕනි. තවමත් ඔහු පාලනයෙ ඉන්නවා. මේ රටේ ගොවි ජනතාව, කෘෂිකර්මාන්තය මුළුමනින්ම කඩා වැට්ටුවේ මේ ගෝඨාභය රාජපක්ෂ. පොහොර තීන්දුව නිසා කුඹුරු පාළුවට ගිහිල්ලා. ගොවි ජනතාව හූල්ලනවා. අද කුඹුරක් අස්වද්දා ගන්න බැහැ.
ඒ වගේම රනිල් වික්‍රමසිංහ පහුගිය අවුරුදු පහට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් අරගෙන තිබෙනවා. මේ රනිල් වික්‍රමසිංහ කරපු ආර්ථිකය විනාශ මේ. දැන් කියනවා රනිල් ගෙනාවේ සුද්‍ෙදා් ටිකක් අ¾දුරනවා කියලා. විකුණන්නත් හරි හපනා නිසා ඔය තියෙන මොනවා හරි ටිකක් විකුණයි කියලා. යාළුකම්වලට ණය දෙන්නේ නෑ මතක තබාගන්න. අ¾දුරනවා කියලා ණය දෙන්නෙ නෑ. සුද්දා ඕනෑ නම් රනිල්ට බෙහෙත් ටිකක් ගන්න සල්ලි දෙයි.
ඒ වගේම පහුගියදා පාර්ලිමේන්තුවේ විදුලිබල සංශෝධන පනත සම්මත වුණා. සුර්ය බල ව්‍යාපෘති සම්බන්ධ ටෙන්ඩර් කැඳවන්නේ නැතුවම මේක ප්රදානය කරන්න යනවා. මේ මොන රටක්ද? මේ රටේ ගනුදෙනුවල විනිවිදභාවයක් නැහැ, මේක කළු රටක් කියලා ජාත්‍යන්තරය අපිට කියනවා. එදා සූරියවැව ක්‍රීඩාංගණය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, ඕමන්තේ – කන්කසන්තුරේ දුම්රිය පාර, මේ ඔක්කොම ටෙන්ඩර් කැඳවන්නේ නැතුව දීපු ව්‍යාපෘති.
ඒ වගේම මෙගාවොට් 500ක විදුලිය දෙන්න යනවා ඉන්දියාවේ අදානි සමාගමට. මේ අපේ රටට ආදායම් ලැබිය හැකි ඒවා. දෙන්නේ ඩොලර්වලට. හැබැයි අපි මෙහෙ ගන්නේ රුපියල්වලින්. මොරටුව බුරුත ලීවලින් කැබිනට් එකක් හදන එක මේ ජනාධිපති කැබිනට් හදනවට වඩා ඉක්මන්. ගෝඨාභය තවමත් කැබිනට් හදමින් ඉන්නවා. මොන විහිළු රටක්ද? මොන විහිළු ජනාධිපති කෙනෙක්ද?”