27.1 C
Colombo
Wednesday, April 2, 2025

නාමල්ගේ තුන අපිට ඇති-තිස්සකුට්ටිආරච්චි

- Advertisement -

අනුර කුමාර දිසානායක මහතා 42%ක ජන්ද ප්‍රමාණයක් ගත්තද 52%ක් පවතින්නේ පිටත නිසා පවතින අපැහැදිලි දේශපාලන වාතාවරණය තුළ නාමල් රාජපක්ෂ මහතා ලබා ගත් ලක්ෂ තුනහමාරක ජන්ද ප්‍රමාණය ප්‍රමාණවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

”පරාජයක් දැනෙන්නේ නෑ. ඕක තමයි දේශපාලනයේ තත්ත්වය. කෙසේවෙතත් අලුතෙන් පත්වුණ විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අපි හදවතින්ම සුභ ප්‍රර්ථනා කරනවා. මගේ ජන්දය දුන්නේ නාමල් රාජපක්ෂ මහත්මයට. මම විශ්වාස කරනවා නාමල් රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වුණානම් තරුණයෙක් විදිහට අපි විශ්වාස කරනවා මේ රට ඉස්සරහට යනවා කියල. නමුත් ජනතා මතයට අනුව ජනාධිපති ලෙස පත්වුණේ අනුර කුමාර දිසානායක මහත්මා රට වෙනුවෙන් ගන්න හොඳ වැඩවලට අපි ධනාත්මක පිළිතුරු ලබා දෙනවා සහ අපි ඒ අයට උදව් කරනවා. අපි බලාගෙන ඉන්නවා අනුර කුමාර මහත්තයා කොහොමද ඉස්සරහට වැඩකරන්නේ කියල. පොරොන්දු ගොන්නක් එක්ක ආපු ජනාධිපතිවරයෙක්. අපි කවුරුත් කැමති රට හැදෙනවට. අපේ රට සිංගප්පුරුවක්, මැලේසියාවක්, යුරෝපයක් වෙනවට කැමති මිනිස්සු අපි.”

කුමන මොහොතක හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එම මැතිවරණයට ද සූදානම් බවත් නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ජනාධිපති කරවීම වෙනුවෙන් අවශ්‍ය මූලික කටයුතුද සිදුකරන බවත් තිස්සකුට්ටිආරච්චි මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

පාකිස්තානයේ භූ කම්පනයක්

පාකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙසයි. භූ කම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 65ක් නැගෙනහිර...

බසයකට අලාභ හානි කළ සෙබළෙක් අත්අඩංගුවට

බණ්ඩාරවෙලදී ලංගම බස් රථයකට පහර දී අලාභ හානී සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පනාගොඩ...

සෙව්වන්දි අල්ලන්න ගිහින් වෙන කෙනෙක්ව අල්ලලා

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (01)...

POPULAR ARTICLES