ඩොලර් අර්බුදය විසඳා ගැනීමට නම් රාජ්‍ය දේපොළ විකුණා දැමිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) කැබිනට් තීරණවලට දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එම තීරණය නොගතහොත් ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොලේ මිලදී ගැනීම් කිරීම අපහසු වනු ඇති බවයි ඔහු පවසන්නේ.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙරට ඩොලර් උත්පාදනය නොවන්නේ නම් මොන හෝ දේපොළ විකුණා පවතින ඩොලර් අර්බුදය විසඳා ගත යුතු බවයි.
එවැනි තීරණයක් ගත නොගතහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය සමඟ ගණුදෙනු කිරීමට හැකියාවක් නොමැතිව එදිනෙදා රජයේ වියදම් පවත්වාගෙන යෑමේ ගැටළුවක් මතු වන බව ඒ මහතා පෙන්වා දෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 03කට වැඩි මට්ටමක් ගෙන ඒමට කටයුතු කළ යුතු බවයි.