වෙඩි ශබ්දයක් වැනි ශබ්දයකින් අද දින උදෑසන අවදි වූ බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පවසනවා.
ඒ, සිය නිවසට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පොලිසියට දුරකථනයෙන් දැනුම් දීමෙන් පසුව දොර විවෘත කර බැලීමේදී ජනේල කුඩුවී ඇති බව නිරීක්ෂණය කළ බවත් පැවති දුර්ගන්ධය පිළි බඳව විමසා බැලීමේදී අසූචි ප්‍රහාරයක්ද එල්ල වී ඇති බව දැනගත් බවත් ඔහු පවසනවා.
ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා බියට පත් කර පිරිසක් ඇතුළු වී ප්‍රහාරය එල්ල කර ඇති බවත් තමාට අවස්ථා කිහිපයකදීම ලද දුරකථන තර්ජන සම්බන්ධයෙන් තමා පොලිසියට පැමිණිලි කර තිබූ බවත් මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්දැයි තමා නොදන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.