25.2 C
Colombo
Sunday, November 24, 2024

ටිංකරින් ලසන්ත පොලීසියෙන් ඝාතනය කරන්න යන බව අපි කලින්ම දැනගෙන ඊට විරුද්ධ වුනත් පොලීසියෙන් මැරුවා – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

- Advertisement -

එච්.එල්. ලසන්ත හෙවත් ටිංකරින් ලසන්ත නම් පුද්ගලයා ආයුධ පෙන්වීමට ගෙන ගොස් වෙඩි හුවමාරුවකින් මියගිය බවට පෙන්වීම සඳහා කටයුතු කිරීමට පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කරන බව තමන්ට කලින්ම දැනගන්නට ලැබුණු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

නීතිඥ සංජය ආරියදාස මහතා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ඊයේ (25) රාත්‍රියේ දුරකතන ඇමතුමක් ලබාදී මේ පිළිබදව දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිතීඥ සංගමය නිවේදනය කරනවා.

මේ පිළිබදව දැනගත් වහාම පොලිස්පතිවරයාට ඊමේල් පණිවුඩයකින් හා කෙටි පණිවුඩයකින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා දැනුම්දී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත්, මානූෂිය නියෝජිතායතන සාමූහිකයේ ප්‍රධානී, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා වෙතද මෙවැනි සිදුවීමක් සිදුවීමට නියමිත බවට දැනුවත් කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

පසුව උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අදාළ බලධාරීන් සම්බන්ධ කරගනිමින් මෙලෙස ඝාතනයක් සිදුවීමට නියමිත බවට තොරතුරු දැනුවත් කර තිබෙනවා.

එලෙස පොලිස්පතිවරයා ඇතුළු සියලු පාර්ශව දැනුවත් කර තිබෙන පරිසරයකදී අද (26) උදෑසන මෙම සැකකරු ආයුධ පෙන්වීමට රැගෙන ගොස් වෙඩි වැදී මිය ගිය බවට ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කල බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් පරික්ෂාවට ලක්වෙන කාලවකවානුවක මෙය ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරන ලද නීති විරෝධී ඝාතනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදන කරනවා.

තම සංගමය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පාර්ශව ගණනාවක් මේ පිළිබදව පූර්ව දැනුම්දීම් කර තිබියදී ඒ කිසිදු පාර්ශවයක් සැලකිල්ලට නොගෙන මෙම ඝාතනය සිදුකිරීම සියලු දෙනාගේ අවධානයට ලක්විය යුතු තත්ත්වයක් බව එම නිවේදනයේ සදහන්.

රාජ්‍ය අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකුගේ හිමිකම් ආරක්ෂා කල යුතු බවට අධිකරණ තීන්දුද ලබාදී ඇති තත්ත්වයක් තුලදී පොලීසිය දිගින් දිගටම මෙලෙස ආයුධ පෙන්වීමට ගොස් සිදුකරන ඝාතනයන් පිළිබදව පොලිස්පතිවරයා කරුණු පැහැදිලි කළ යුතු බව නීතිඥ සංගමය වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES