භාරකාර ආණ්ඩුවක් පිහිටුවා හෝ වත්මන් අර්බුද වලට විසඳුම් සොයන ලෙසට ජනාධිපතිවරාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බව එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා
එසේ නොකරන්නේ නම් යළිත් මධ්‍යම කාරක සභාව රැස්වී ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයට එළඹෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය ජනාධිපතිවරයාට යොමු කරන බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ජනාධිපතිවරයාට යොමු කරන අවසන් ලිපිය වනු ඇති බවත් මන්ත්‍රීවරයා පවසනවා.
ජනතාව මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටින බවත් ජනතා ප්‍රශ්න කඩිනමින් නොවිසඳුව හොත් ජනතාවගේ පැත්තේ සිටගෙන ආණ්ඩුවෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ප්‍රචාරක ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
ඉදිරි සති කීපය තුළ මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ද මන්ත්‍රීවරයා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (1) පස්වරුවේ රැස්විය.
රටතුළ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සහ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.