27.8 C
Colombo
Friday, March 14, 2025

බදියුදීන්ගේ ගෙදරට දුවව යැව්වේ කොරෝනා නිසා වෙච්ච ණය ගෙවාගන්න බැරුව

- Advertisement -

තම 15 හැවිරිදි දියණිය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යැවීමට සිදුවූයේ සිය ණයබර ගෙවාගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා බව මියගිය දැරියගේ මව පවසනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ට අයත් බොරැල්ලේ පිහිටි නිවසේ සේවය කරමින් සිටියදී ශරීරයට ගිනි ඇවිලීමෙන් ලත් බරපතල තුවාල හේතුවෙන් මරණයට පත්වූ ජේ.ඉෂාලිනී නැමැති දැරියගේ පියා වන ජෙයරාජ් ජූඩ් කුමාර සහ මව රාජමනික්කම් රංජනී ඊයේ (20) මහනුවර මානව හිමිකම් කාර්යාලයට පැමිණ එහි අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමාගෙන් ඉල්ලා සිටියේ දැරියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ට කර ගැනීම සඳහා මැදිහත්වන ලෙසයි.

බදුදීන්ගේ නිවසේ දී විවිධ හිරිහැර සිදුවන නිසා එහි සිටීමට නොහැකි බව දියණිය දුරකතනයෙන් පැවසූ බවත් ඇගේ මරණය සැක සහිත බවත් එහිදී දැරියගේ මව සඳහන් කර සිටියා.

හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචිව මොවුන් ඉකුත් නොවැම්බර් මස දැරියව රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට යොමුකර ඇත්තේ තැරැව්කරුවකු මාර්ගයෙන්.

ඉෂාලිනීගේ දෙමව්පියන් නන්දන මනතුංග පියතුමා සමඟ මාධ්‍ය හමුවකට එක්වූ අතර එහිදී ඇයගේ මව පැවසුවේ ගැහැනු දරුවන් පස් දෙනකු හා එක් පිරිමි දරුවකුගෙන් යුත් පවුලේ සිටින පවුලේ තෙවැන්නා වන ඉෂාලිනී දැරිය රුපියල් 25,000 ක මාසික වැටුපකට පිටත් කර හැරියත් ඔවුන් ලබා දුන්නේ රුපියල් 20,000 ක මුදලක් පමණක් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉෂාලිනීගේ මව පැවසුවේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සිය සැමියාට සහ පුතාට රැකියාවක් සොයාගැනීමට නොහැකිවීම හේතුවෙන් ජීවත්වීම උදෙසා ණය වීමට සිදුවූ බවත්, දියණිය මෙහෙකාර සේවයට රැගෙන ගිය පුද්ගලයාගෙන්ද රත්තරන් බඩුවක් උකසට තබා රුපියල් තිස් දහසක් පමණ ලබා ගත් බවයි.

“එයා අපේ නිවසට ඇවිත් ඔයාට අවුරුදු 13ක සහ දෙකක පොඩි ළමයි ඉන්න නිසා අම්මා ගෙදරින් ගියොත් ඒ ළමයි පවු ලොකු දුවල දෙන්නගෙන් කෙනෙක් ගෙදරක සේවයට එවන්න කිව්වා. ඒ වෙලාවේ ඉෂාලිනී දුව යන්න කැමති වුණා. මිදුලට ඇවිත් මිනිස්සු ණය ඉල්ලල කෑ ගහන නිසා මම යන්නම් කිව්වා. අයියට විතරක් ණය ගෙවන්න අමාරුයි. මම ගිහින් මේ ණය ටික බේරන්නම් කිව්වා.”

වතුකරයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයින් හා වෘත්තිය සමිති නියෝජිතයින් මෙහිදී මුනිවත නොරැක සාධාරණය වෙනුවෙන් හඬ නැගිය යුතු බවත් වතුකරය තුළ පවත්වා දරිද්‍රතාවයේ ගොදුරක් බවට අද ඉෂාලිනි දැරිය පත්ව සිටින බවත් නන්දන මනතුංග පියතුමා මෙහිදී මාධ්‍ය වෙත පවසා සිටියා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් පරීක්ෂණ මන්දගාමී ස්වභාවයක් ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්නා මියගිය දැරියට සාධාරණයක් ඉටුකළ යුතු බවය.

මේ අතර, හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතගේ නිවසේ මෙහෙකාරකමට යොදවා සිටි අවුරුදු 16ක දැරියක් පිළිස්සී මිය යෑම පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

දැරිය කෘරත්වයකට භාජනය වී ඇත්දැයි යන්න පිළිබව මෙන්ම වෛද්‍ය වාර්තාවේ සඳහන් කරුණුත් විමර්ශනය කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

මියගිය බාලවයස්කාර දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව සිටි බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ බොරැල්ල පොලීසිය ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

දරුවන් ආරක්ෂා කර ගැනීම උදෙසා සිය කාර්යංශය ගෙන යන වැඩ පිළිවෙළ සඳහා ජනතා සහයෝගය අපේක්ෂා කරන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ළමා හා කාන්තා කාර්යංශයේ සභාපති මහාචාර්යය මුදිත විදානපතිරණ මහතා පවසන්නේ.

#JusticeForHishalini

RECENT ARTICLES - SINHALA

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක බිමල්...

අනුරාධපුර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කෙරේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පොළොන්නරු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච් .එම් .යු .අයි කරුණාරත්න මහතාව පත් කර තිබෙනවා . මෙම පත්...

ශිෂ්‍යත්වේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා. අද (14)...

POPULAR ARTICLES

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක බිමල්...

අනුරාධපුර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් කෙරේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පොළොන්නරු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච් .එම් .යු .අයි කරුණාරත්න මහතාව පත් කර තිබෙනවා . මෙම පත්...

ශිෂ්‍යත්වේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා. අද (14)...