24 C
Colombo
Wednesday, December 25, 2024

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

- Advertisement -

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ පක්ෂ මුලස්ථානයේ ඊයේ (16) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

විල්වින් සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේ ඔවුන්ට ලැබුණු ජයග්‍රහණය මෙතෙක් ආණ්ඩු පක්ෂ කිහිපයක් එකතු කර සන්ධානවලින් ගොඩනගාගත් ජයග්‍රහණයන්ට වඩා දේශපාලන ගැඹුරක් මෙන්ම හරයක් සහිත වූවක් බවයි.

ජනාධිපතිවරණයේදී සහ මෙවර මැතිවරණයේදී, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහිත දේශපාලන සංස්කෘතිය ජාතික ජන බලවේගය විසින්  ඡන්දයක් නොදුන් කෙනාව පීඩාවට පත් කරන ජය සැමරීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීමට දායක නොවූ බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

“පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. මේ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී තිබෙනවා. ඓතිහාසික දේශපාලන හැරවුමේ තීන්දුවක්. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නාට පසුව දේශපාලන පක්ෂයක් මේසා විශාල ජයග්‍රහණයක් ලබාගත් පළමු වැනි අවස්ථාව මෙයයි. මේක අපේ රටේ ජනතාව එක පාලන යුගයක් නිමා කර නව යුගයක් ආරම්භ කිරීම අරමුණු කරගෙන දී තිබෙන ජන වරමක්. මේ ජනවරම තුළ තිබෙන දේශපාලනය අපට පැහැදිලිව පෙනෙනවා. ආසන 225ක් තිබෙන පාර්ලිමේන්තුවේ ආසන 159ක් ජයග්‍රහණය කර ගැනීමට අපි සමත් වී තිබෙනවා. මඩකලපුව හැර සෑම දිස්ත්‍රික්කයක්ම ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කර තිබෙනවා. උතුරේ යාපනය හා වන්නි දිස්ත්‍රික්ක දෙකම ජයග්‍රහණය කිරීමෙන් දේශපාලනයේ කැපී පෙනෙන විශේෂයක් පෙන්නුම් කර තිබෙනවා. නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක දෙක ජයග්‍රහණය කර තිබෙනවා. පසුගිය කාලයේ එක්තරා දේශපාලනයේ ආධිපත්‍යය දරාගෙන සිටි කඳුකර ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල ජයග්‍රහණ අප ලබාගෙන තිබෙනවා. නුවරඑළිය, බදුල්ල, මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කවල ජයග්‍රහණ අප ලබාගෙන තිබෙනවා. අපේ රටේ සමස්ත ජනයා එක අරමුණකට ඇවිත් ජයග්‍රහණය සඳහා අත්වැල් බැඳගෙන තිබෙනවා. ඒ අනුව මේ ලබාගත් ජයග්‍රහණය අති විශේෂ ජයග්‍රහණයක් කොට අපි සලකනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ නියුතු අයත් 80%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාදෙමින් මේ ජයග්‍රහණයට දායක වී තිබෙනවා. අපි මේ ලබා තිබෙන ජනවරම අංග සම්පූර්ණ, දේශපාලන බරක් සහිත ජනවරමක්. තිබෙනවා. අපට ලැබී තිබෙන ජයග්‍රහණයේ බර අපි තේරුම් අරගෙන තිබෙනවා. ජනතාව විශාල විශ්වාසයක් අපි කෙරෙහි තබා තිබෙනවා. අපි ඒ විශ්වාසය ඒ වගේම රැකිය යුතුව තිබෙනවා.”

RECENT ARTICLES - SINHALA

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 101ක් – 60ක් මරුට

2024 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 101ක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණ කරනවා. ඒ අතරින් පුද්ගලයන් 60 දෙනෙකු මියගොස්...

මියන්මාර සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුරට

මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගසාගෙන ආ බෝට්ටුවේ සිටි මියන්මාර ජාතික සරණාගතයින් 103 දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන විත් තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක...

රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES