හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මේ රටේ කාන්තාවන් ආදරය කළ බවත් රජුන් කියන නම ලබාදුන් බවත් රුවන්ති මංගලා මහත්මිය පවසනවා.
අද (21) පැවති පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පවසා සිටියා.
මහින්ද රාජපක්ෂ සිටින සමයේ කාන්තාවන් රැකියාවන් කරමින් ඉතා ලස්සනට සිටි බව පැවසු රුවන්ති මහත්මිය වර්ථමානයේ කාන්තාව පීඩනයෙන් සිටින බව අවධාරණය කළා.
තවදුරටත් අදහස් දැක්වු රුවන්ති මංගලා මහත්මිය,
මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය නැති කළා.එතුමා 2015 යනකොට කාන්තාවො ගොඩක් ඇඩුවා.කාන්තාවෝ ගෙවල්වල ඉවුවේ නැහැ.එතුමා නිවි සැනසිල්ලේ ඉන්න වෙලාවේ එතුමගේ නිවස අහිමි කරන්න හදන්නේ.මාලිමාව රජයට උදව් කරපු කාන්තාවන් පවා ඒකට උදව් කරන් නැහැ .මහින්ද රාජපක්ෂගේ නිවස අහිමි කරනවානම් අපි කාන්තාවන් ලෙස එක මිටකට අනිවාර්යෙන් එනවා.ඒ නිසා එතුමා ඉන්න නිවාසය අනිවාර්යෙන් හිමිවිය යුතුයි…..යාපනයේ ද්‍රවිඩ කාන්තාවන් යුද්ධ නිසා කොච්චර පීඩාවට පත්වෙලා තියනවාද?මහින්ද රාජපක්ෂ ට ඒ තරම් කාන්තාවන් ආදරෙයි…..එතුමා ඒ නිවසෙන් එළියට දාන්න අපි ඉඩදෙන්නැහැ…..කාන්තාව අද කබලෙන් ලිපට වැටිලා තියෙන්නේ.කණගාටුවෙන්න එපා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව රජයක් යටතේ සුඛිත මුදිත කරනවා……..