28 C
Colombo
Tuesday, July 2, 2024

අපි නාමල්ව ආරක්ෂා කරන්න ඕන-ශාන්ත බණ්ඩාර

- Advertisement -

නාමල් රාජපක්ෂ මහතා දැන් පරිණත කෙනෙක් ලෙස පක්ෂයේ ඉදිරි ගමන ඔහු සමඟ ගෙන යා හැකි බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාව ආරක්ෂා කරගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

2010 වසරේදී පාර්ලිමේන්තු පැමිණෙන සිටි කෙනාට වඩා පරිණත දැනුමෙන් වැඩි ජාත්‍යන්තර ගණුදෙනු තිබෙන කෙනෙක් ලෙස නාමල් රාජපක්ෂ මහතා දියුණුවක් ලබා ගෙන සිටින බව ශාන්ත බණ්ඩාර මහතා පවසා සිටිනවා.

”අපි හැමදාම වැටිලා තියෙනවා. ඒ වැටුණු අවස්ථාවලදී අපි නැගිටලා තියෙනවා. ඒ නිසා අපි අඩියක් පස්සට ගත්ත නම් නැවත වේගයෙන් ඉදිරියට යන්න ගමන ආරම්භ කරමු. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් පොදුජන පෙරමුණ අද හොඳ පෙළක් එතුමා නිර්මාණය කරලා තියෙනවා. කිසිම දේශපාලන පක්ෂයක ජාතික සංවිධායක ධූරයේ වගකීම තරුණයෙකුට භාර දීලා නැහැ. නාමල් රාජපක්ෂ මැතිතුමාට අද සියලු දෙනාගේ ඒකමතික ආශිර්වාදයෙන් මේ පක්ෂයේ ඉදිරි අනාගතය භාර දීලා තියෙන්නේ. එතුමාව අපි ආරක්ෂා කරගන්න ඕනේ. මොකද අද අමාධ්‍ය වලින් විවධ දේවල් වලින් සමාජ මාධ්‍ය වලින් හොඳ පුද්ගලයෝ වැරදි පුද්ගලයෝ බවට පත්කරන්න පුළුවන්. වැරදි පුද්ගලයෝ හොඳ පුද්ගලයෝ බවට පත්කරන්න පුළුවන්. හරි කෙනා හරි තැන තියන්නත් පුළුවන්. ඒ නිසා අපි කලබල වෙන්නේ නැතුව නාමල් රාජපක්ෂ මැතිතුමාත් ආරාක්ෂා කරගෙන එතුමා 2010 පාර්ලිමේන්තුවට එන්නේ දැන් අවුරුදු 14ක් පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා. කැබිනට් ඇමති ධූර දරල තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. එදා හිටපු තරුණයා නෙවෙයි අද පරිණත වෙලා තියෙනවා. දැනුම වැඩිවෙලා තියෙනවා. ජාත්‍යන්තරය පිළිබඳ ගණුදෙනුවක් තියෙනවා. ඒ නිසා අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන්

RECENT ARTICLES - SINHALA

දුම්රිය මග දමා පැන ගිය රියදුරුගේ වැඩ තහනම්

කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර බලා ඊයේ (30) පෙරවරුවේ ධාවන වූ දුම්රියක රියදුරා අධික ලෙස මත්පැන් පානය කර ගමන් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ...

කොන්ත්‍රාත්කරුවන්ට බිලියන 200ක් ගෙවලා ඉවරයි

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නොහැකි වූ රුපියල් බිලියන 200 කට අධික මුදලක් මේ වනවිට ගෙවා අවසන් කළ බව නාගරික...

රෝහලේ සිටි පුද්ගලයෙක් පැහැර ගත් කතකට ඇප

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගිය බවට පැවසෙන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

Breaking: ඉන්ධන මිල වෙනස් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර...

රේනෝ කම්කරු නඩුවෙන් පරාදයි. ලක්ෂ 135 ක් වන්දි දෙන්න නියෝග

0
හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ වසර 08 ක කාලයක් සේවය කළ මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රි මහතා එම තනතුරින් අනීතිකව ඉවත්කිරීමේ නඩුවෙන් Asia Broadcasting Corporation (pvt) Ltd...

කාලගුණයෙන් රතු නිවේදනයක්

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, උතුරු අක්ෂාංශ 06...