ලබන මස සිට වැඩි වෙන විදුලිබිල ගෙවීමට නොහැකි ජනතාවගේ නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමේ රාජකාරීවලින් ඉවත් වීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් තීන්දු කර තිබෙනවා.
ලංවිම වෘත්තීය ඒකාබද්ධ සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කියා සිටියේ කබලෙන් ලිපට ඇඳ වැටී ඇති ජනතාවට විදුලි බිල වැඩි කර කිසිසේත් සාධාරණ නොවන බවයි.
ජනවාරි 3 වනදා සිට වැඩි කිරීමට නියමිත විදුලිබිල ජනතාවට කිසිසේත්ම එය ගෙවා ගත නොහැකි හෙයින් එම නිවෙස්වල විදුලිය විසන්ධි කිරීමට තීන්දු කළහොත් එම රාජකාරි සඳහා කිසිඳු ලංවිම සේවකයෙකු මැදිහත් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
විදුලි බිල වැඩි කිරීමේ දී ඒකක අනුව යම් යම් කණ්ඩායම් සඳහා සහන දෙන බවට අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ කිසිසේත්ම ප්‍රයෝගික නොමැති බව ඒ මහතා සඳහන් කරනවා.
විදුලි ක්ෂේත්‍රයේ මතුව ඇති තත්ත්වය මත සහන දිය නොහැකි බව ඔහු කියා සිටිනවා.
රංජන් ජයලාල් මහතා කියා සිටින්නේ ගල් අඟුරු ප්‍රශ්ණය ද විසදා නොමැති වීම සහ අමාත්‍යවරයා පවසන පරිදි ත්‍රිකුණාමලයේ සිට නොරොච්චෝල බලාගාරය දක්වා ගල් අඟුරු විනාඩි තුනෙන් ගොඩබෑම සිදු කරන බව පැවසීම විහිළුවක් බවයි.
විෂය සම්බන්ධව නිසි දැනීමකින් තොරව අමාත්‍යවරයා මෙම ප්‍රකාශ නිකුත් කරන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.