මෙරට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ඒ, අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
දැනට පැතිරී යන වෛරස ප්‍රභේදය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් මාසිකව ආනයනය කරනු ලබන ලීටර් 120,000 වෙනුවට සතිපතා ලීටර් 300,000 බැගින් ආනයනය කිරීම සඳහා වන මෙම යෝජනාව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත.