මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධුරය සරත් වීරසේකර මහතාට ලබාදෙනු ඇතැයි නොවැම්බර් 23 වැනිදා අරුණ පුවත්පත වාර්තා කර ඇත.
ඒ අනුව අලුතින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව පොලිස් සේවය නගා සිටුවීම, ග්‍රාමීය ප්‍රජා ආරක්ෂාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශයට අයත් වේ. එය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යධුරයට අමතරව පිහිටවූ අමාත්‍යාංශයක් වන අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාශය ජනාධිපතිවරයා පවරාගනු ඇතැයි වාර්තා වේ.
ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙය නව විෂය පථයක් නොවන අතර මීට පෙර ග්‍රාමීය ආරක්ෂාව සහ පොලීසිය ඇතුළු ආයතන අයත් වූයේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයටය.
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ පසු මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙක් සිටියේ නැත.