27.3 C
Colombo
Monday, January 6, 2025

වැලිගම වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

- Advertisement -

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම පදිංචිව සිටි අකාෂ් තාරුක් නමැති 28 හැවිරිදි පුද්ගලයෙක්.

යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මෙම වැඩිතැබීම සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත්, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැලිගම වලාන රෝහල වෙත රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

වැලිගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් නඩුවකින් නිදහස්

2021 වසරේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස රජයට බල කරමින් පැවති උද්ඝෝෂණයක් සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට අදාළව වසර තුනක්...

මනූෂගේ මල්ලි යළි රිමාන්ඩ්

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ තීරණය අද...

පාලමේ යකඩ පිට පාරින් එළියට; දෙදෙනෙක් මාට්ටු

රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවට අයත් ට්‍රක් රථයක සේවකයින් දෙදෙනෙකු පානදුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් එම සංස්ථාවට අයත් යකඩ තොගයක් නීති විරෝධී ලෙස අලෙවිකිරීමේ...

POPULAR ARTICLES