28 C
Colombo
Wednesday, October 16, 2024

Breaking: ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් වැලිකන්දේ මරණයක්

- Advertisement -

‍පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක කාන්තාවක් ඊයේ (25) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද, සඳුන්පිටිය ප්‍රදේශයේ පදිංචි අයේෂා කුමුදුනී නමැති කාන්තාවක්.

පසුගිය නොවැම්බර් 13 වැනිදා ඇය ගෑස් සිලින්ඩරය ගිනිකූරක් යොදා දල්වා ගැනීමට යාමේදී එය පුපුරා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය වන අවස්ථාවේ නිවසේ වෙනත් කිසිවකු සිට නොමැති අතර, සිද්ධියෙන් පසු අසල්වාසීන් විසින් ඇය වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය කාන්තාවගේ පියා පවසන්නේ පසුගියදා රැගෙන ආ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දිවයින පුරා ස්ථාන රැසක ගෑස් කාන්දු හේතුවෙන් සිදුවන පිපිරීම් වාර්තා වනවා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බලධාරීන් තවමත් නිසි ක්‍රියාමාර්ගයක් හෝ ප්‍රකාශයක් සිදු නොකිරීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්

මන්නාරම මහාධිකරණ විනිසුරුට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර...

විදෙස් ජාතිකයින් මෙරට සිට මෙහෙයවන ස්කෑමින් කෑම්ප් ගැන අනාවරණයක්

විදෙස් ජාතිකයින් විසින් මෙරට දී සිදුකරනු ලබන අන්තර්ජාල ජාවාරම්වල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් ඒවා ශ්‍රී ලාංකිකයින් සිර කර තබාගෙන මියන්මාරයේ ක්‍රියාත්මක සයිබර්...

ගින්නකින් පාසල් ගොඩනැගිල්ලක් විනාශ වෙලා

පාසලක හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ල මෙලෙස...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...