27.9 C
Colombo
Thursday, April 10, 2025

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

- Advertisement -

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය හමුවි තිබෙනවා.

ඒ අද (07) පස්වරුවේ අමාත්‍යංශ පරිශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

එහිදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා අමෙරිකානු තානාපතිනිය සමග සාකච්ඡා කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම දීර්ඝව සාකච්ඡා කර තිබුණා.

2022 වසරේදී ශ්‍රි ලංකාව පුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

දේශබන්දු අද යළි අධිකරණයට

වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට...

බටලන්ද වාර්තාව ගැන විවාදය අද

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ...

POPULAR ARTICLES