වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කරන කාර්යාලයේ සේවකයන් අවම සෞඛ්‍ය පුරුදු පවා පිළි නොපදිමින් කටයුතු කරන බවට එහි සේවය ලබාගැනීමට ගිය පුද්ගලයින් පවසනවා. දිනකට දිවයිනේ විවිධ පළාත්වලින් සිය ගණනක් පිරිස් පැමිණෙන මෙම ස්ථානය මීට වඩා සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් විය යුතු බවටයි ඔවුන් News 19 සමග පැවසුවේ. මුහුණු ආවරණය හෝ නිසි ලෙස නොපලදිමින් පැමිණෙන පුද්ගලයන් සමග කතා බහ කිරීම තුළින් අන් පුද්ගලයන්ද අනතුරේ හෙළන බවට ඔවුන් චෝදනා කළා.



මීට පෙර අවස්ථාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම ස්ථානයට පැමිණ එහි රාජකාරී කටයුතු කෙරෙන ආකාරය පිළිබදව දැඩිව විවේචනය කළා. ඉන් අනතුරුව එහි කාර්යයන් සිදුකෙරෙන ආකාරය පිළිබදව නිවැරදි ක්‍රමවේදයක් සතියක් තුළ සැකසිය යුතු බවට නියෝග කලද අදටත් එම කාර්යාලය සුපුරුදු පරිදි කටයුතු පවත්වාගෙන යනවා.