32 C
Colombo
Thursday, May 1, 2025

බස්නාහිර පළාත් සභාව කෝටි 39 ක් කාලා

- Advertisement -

ප්‍රාග්ධන වියදම් නවතා දමන ලෙසට රජය උපදෙස් ලබා දී තිබිය දී බස්නාහිර පළාත් සභාව දිගින් දිගටම නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති රැසක් සඳහා මේ දක්වා රුපියල් කෝටි තිස්නවයක් (මිලියන 390) වැය කර ඇතැයි වාර්තා වෙනවා.

පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මාළු ටින් කරන (සැමන්) කර්මාන්ත ශාලා පරිශ්‍රයේ කාර්යාලයක්, රැස්වීම් ශාලාවක් හා ගබඩා සංවර්ධනයක් ඉදිකිරීම සඳහා තවත් කෝටි හතර හමාරක් (මිලියන 45) වැය කිරීම මෙහිදී වඩාත්ම බරපතළම ප්‍රශ්නය වී ඇති බවයි.

මෙම සැමන් කම්හල ඉදිකිරීමට පෙර ආනයනය කළ මැෂින් ඇතුළු උපකරණ වසර කිහිපයක් තිස්සේ ජරාජීර්ණ වී ඇත්තේ කම්හල කිසිම නිෂ්පාදනයක් නොකිරීම නිසා යැයි ද හෙතෙම පවසනවා.

බස්නාහිර පළාත් සභාව විසුරවා හැර ලබන අප්‍රේල් මසට වසර හතරක්.

කෝටි හතරක් (මිලියන 40) වැයකර මීගොඩ ඔසු උයන (අක්කර 12) කපා සම්බාහන කාමර ඉදිකිරීම, කරදියාන ප්‍රදේශයේ දියර පොහොර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.

දේශීය සහල් පැකට් කර විදේශිකයන්ට විකිණීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ආදි කිසිදු ලාභයක් නොමැතිව මගින් බස්නාහිර පළාත් සභාව මුදල් විනාශ කර දමා ඇති බැවින් ඒ පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ප්‍රධානීන් හෝ සොයා බැලිය යුතු බව පළාත් සභා නිලධාරීන් ප්‍රකාශ කරනවා

RECENT ARTICLES - SINHALA

ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකුයි. ඔහු මෙවර පැවැත්වෙන පළාත්...

පොලීසියේ දෙන්නෙක් අත්අඩංගුවට

ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන...

හිටපු ජනපතීන්ගේ වරප්‍රසාද තවත් කපලා

හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇති බවට වාර්තාවනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමි වන්නේ එක් දුරකතනයක් පමණයි. එමෙන්ම සේවක...

POPULAR ARTICLES

වෙඩි වැදුණු මළ සිරුරක් සොයා ගැනේ

වෙඩි වැදුණු සැකකටයුතු මළ සිරුරක් සොයා ගෙන තිබෙන බව පොලීසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ජා-ඇල, උස්වැටකෙයියාව වෙරළ තීරයෙන් මෙම මළ සිරුර හමුවී ඇති බවයි. මළ සිරුරේ...