ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) රාත්‍රියේදී කොටුව ජනාධිපති මන්දිරයේදී පවත්වා තිබෙනවා.
අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මෙම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර එය මධ්‍යම රාත්‍රිය දක්වා පැවති බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී වී තිබෙනවා.
රට තුළ මතුව ඇති දේශපාලනික, ආර්ථික සහ සමාජ අර්බුදය හා රාජපක්ෂවරුන්ට එල්ලවන දැඩි ජනතා විරෝධය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් එම සාකච්ඡාවලින් අනතුරුව අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ රැදී සිටින බවයි.