වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු ගෙවී ගිය 2020 මුල් මාස හයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ වර්ධනය ඍණ 5.6ක අගයක් ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව නිකුත් කළ 2020-21 රාජ්‍ය මූල්‍ය කළමණාකරණ වාර්තාවෙහි සඳහන් වේ.
පෙර ආණ්ඩුව පැවති 2019 මුල මාස හයේදී කෘෂිකර්මාන්තය ඍණ 3.5ක අගයක් පෙන්නුම් කළේය.
2020 මුල් මාස හයේදී කෘෂිකාර්මික අපනයනවලින් ලද ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 1667ක් විය. එහෙත් 2019 වසරේදී කෘෂි අපනයනවලින් ඇමෙරිකන් ඩොලර් 1516ක ආදායමක් ලබා තිබුණි.
කෙසේ වෙතත් වී කෘෂිකර්මාන්තයේ වැඩිවීමක් දක්නට ඇත. අඩු වීම පෙන්නුම් කරන්නේ තේ වැනි අපනයන බෝගවලය.

