28 C
Colombo
Thursday, September 19, 2024

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

- Advertisement -

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම රටට හෙළිකරන ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ පවසනවා.

අද (15) පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළා.

ඇය පවසන්නේ, සැප්තැම්බර් 22වදාටත් මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීම යනු මේ රටේ ජනතාව ජයග්‍රහණය කිරීම බව තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තලතා අතුකෝරල,

“මට සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් කාරණා දෙකක් අහගන්න ඕනෑ. මම විශ්වාස කරනවා එතුමා හුගක් හදුනන හින්දා, ඕනැවට වැඩිය හදුනන හින්දා මේ දෙකටම එතුමා උත්තර දෙයි.

පළවැනි කාරණය රාජපක්ෂලා එක්ක ගිවිසුම් ගහගත්තායැයි කියපු රාජපක්ෂලා රැක්කායි කියපු හොරු රකිනවායි කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන බොරු ප්‍රචාරය කරපු සමගි ජන බලවේගයේ අය උත්තර දෙන්න ඕනෑ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ මොකක්ද තියෙන ගිවිසුම නාමල් රාජපක්ෂත් එක්ක.

අපට අවශ්‍යයි ඒක දැනගන්න.

ඊළගට ඩීල් එක, එතුමා කියන්නේ මට ඩීල් නැහැ, මම ඔය ඩීල් දේශපාලනයේ නැහැ කියලා. මම අහනවා මිත්‍රවරුනි හිරු නාළිකාවත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද?

මේවා තමයි අහන්නේ. කරුණාකරලා මේවාට උත්තර දෙන්න.”

RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්...

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී එම ධීවරයාව මෙලෙස මාළුවකු...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...