කැබිනට් මණ්ඩලයට පැවරී ඇති බලතල දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වන යුද හමුදාපතිවරයාට පවරා ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලිය කුමක්දැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
කොවිඩ් කාර්ය සාධක බලකාය මේ වන විට සම්පූර්ණයෙන් අසාර්ථකවී ඇති බවත් රටේ පරිපාලනය සදහාද හමුදා බලය යොදවමින් සිටීම වැරදි සහගත බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.
ආයෝජන මණ්ඩලයේ පැවති සාකච්ඡාවට මුදල් අමාත්‍යවරයා හෝ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහභාගිවිය යුතුව තිබුනද එම ස්ථානයට යුද හමුදාපතිවරයා පැමිණ කතාවක් කිරීම හේතුවෙන් එම ස්ථානයේ සිටි අය ඉන් ඉවත්ව ගිය බවද වික්‍රමසිංහ මහතා පැවසුවා.