මේ අවස්ථාවේදී මැතිවරණයක් ඉල්ලා සිටින්නේ මොන ගොනා දැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී විමසා සිටියා.
මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි ඇසූ ශාන්ත බණ්ඩාර මහතා ආහාර උද්ධමනය වැඩි වී දුකට පත්ව සිටින ජනතාව පීඩනයෙන් මුදවා ගන්න කටයුතු කරනවා මිස කළ යුත්තේ මැතිවරණ වලට යාම නොවන බව මෙහිදී පෙන්වා දුන්නා.
ජනතාව ඉල්ලන්නේ මැතිවරණ නොව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කර සංවර්ධිත රටක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.
ජනතාව පීඩනයෙන් ඉන්නවා දැකීමට කිසිවෙකුත් කැමැත්තක් නොදක්වන බවත්, හෙට දවසේ පෝලිම් නැති වැඩපිළිවෙලකට යා යුතු බවත් ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළා.