ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි මස 10 වනදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.
එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුලු ඉහළ පෙළේ නිලධාරීන් මුණගැසී සාකච්ඡා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
තවද පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තමා සුදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමට ජනාධිපතිවරයා සුදානම් බවයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.