28 C
Colombo
Wednesday, September 18, 2024

නීති කැඩුවොත් මාධ්‍ය ආයතනවලට වෙන දේ

- Advertisement -

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය ‘නිදහස් හා සාධාරණ මැතිවරනයක් සඳහා ජනමාධ්‍යයේ කාර්යභාරය’ මැයෙන් කොළඹදී අද (12) පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයේදීයි.

මාධ්‍ය ආයතනයක් මැතිවරණ කොමිසම දෙන උපදෙස්වලට එරෙහිව කටයුතු කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට පෙර කළ හැකි පියවර ඕනෑ තරම් ඇති බවත් එහිදී කොමිසම පවත්වන මාධ්‍ය හමුවලින් ඉවත්කිරීම, තොරතුරු නොදීම සහ ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම වැනි පියවර අනුගමන කළ හැකි බවත් රත්නායක මහතා සඳහන් කළා.

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන සම්බන්ධ ගැටලු ඇති මාධ්‍ය ආයතන ප්‍රධානීන් පස්දෙනෙක් කොමිසමට කැඳවා උපදෙස් දුන් බවත් එහිදී ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම නොව මෙහිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුත් කළ බවත් ඔහු පවසනවා.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යන නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් සියලුම මාධ්‍ය ආයතන ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශවලදී ජනාධිපති ධූර අපෙක්‍ෂකයන් සඳහා වෙන්කරන කාලය දිනපතා විමසීමට ලක්කරන බවත් පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලුම ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම දැඩි අධීක්‍ෂණයෙන් කටයුතු කරන බවත් එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මියගිය ජනාධිපති අපේක්ෂකයා ගැන කොමිසම ගත් තීරණය

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක ආයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු පත් කර නොමැති නිසා ඔහු වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද අවලංගු ඡන්ද සේ සලකන බව මැතිවරණ කොමිසම...

මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙටින් අවසන්

ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රියෙන්...

පොලිසියෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

2024 ජනාධිපතිවරණයේ විශේෂ සිදුවීම් වාර්තා කිරීම වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙන බව පොලිස් මූලස්ථානය...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...