32 C
Colombo
Monday, April 21, 2025

සාකච්ඡාවකට බැසිල් කර්මාන්ත අමාත්‍යාංශය කැඳවද්දී විමල් දීඝවාපියේ ගඩොල් හදන්න යයි

- Advertisement -

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ පෙරවරුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ කර්මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

අරලියගහ මන්දිරයේදී වූ මෙම හමුවේ විෂයබාර අමාත්‍යවරයා වුණේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතායි.

එහෙත් එම හමුව සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්වී සිටියේ නැහැ.

අමාත්‍ය විමල් නොසිටියත් ඔහුගේ අමාත්‍යංශ වන කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහල නිලධාරීන් ඊට එක්ව සිටියා.

සාකච්ඡාවට සහභාගී නොවුන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා සුවිශේෂී මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාව හරහා ලබාදීමට ගොස් තිබුණා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ලංකා පිඟන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු, එහි සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. ඒ. රත්නායක යන මහත්වරු සමඟයි.

RECENT ARTICLES - SINHALA

‍ලෝයර් රට නිසා පස්සේ එන්නම් – රනිල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වැනිදා පෙ.ව 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත්, සිරිකොත එක්සත්...

අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නැහැ – පාඨලී

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුවද, වත්මන් ආණ්ඩුවටද මෙම ප්‍රශ්නය නිවැරදිව විසඳිය නොහැකි බව එක්සත් ජනරජ...

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...

POPULAR ARTICLES

අපරාධ වරදක් කියලා පේන්නේ නැත්තම් දළදාවේ පොටෝ එක ගැන විමර්ශන නැහැ – පොලීසිය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් සම්බන්ධව මේ වන තෙක් විමර්ශන කටයුතු ආරම්භ නොකළ...

‍ලෝයර් රට නිසා පස්සේ එන්නම් – රනිල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වැනිදා පෙ.ව 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත්, සිරිකොත එක්සත්...

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...