කොවිඩ් 19 වෛරසය ආසාදිතව බොහෝ කාලයක් IDH රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (16) පස්වරුවේ සුවය ලබා එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
මේ අතර පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයේ පසුවන බැවින් එම අමාත්‍ය ධූරයේ වැඩබැලීම සදහා මහාචාර්ය චන්න ජයසුමන මහතාව ජනාධිපති ගෝඨාභය මහතා අද දහවල් පත්කරනු ලැබූවා.
ඒ අනුව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව ඔහු නව අමාත්‍යාංශයේ වැඩබැලීමට යොදවා තිබෙනවා.
කෙසේ වෙතත් මේ අතරවාරය තුළ සෞඛ්‍ය අමාත්‍යවරියට සුවය ලැබීමද විශේෂත්වයක්.