27.5 C
Colombo
Thursday, October 24, 2024

හරක්කටාගේ නඩුව කැඳවද්දී විනිසුරු තීන්දුවෙන් මාධ්‍යවේදීන් එළියට දාලා

- Advertisement -

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු මෙන් ම පාතාල කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව අද (23) විවෘත අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී එම නඩුව වාර්තා කිරීමට පැමිණ සිටි අධිකරණ මාධ්‍යවේදීන් ඉවත් කිරිමට මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කළා.

අධිකරණ ශාලාව භාර පොලිස් නිලධාරීයා විසින් සියලුම මාධ්‍යවේදීන් හට පිටව යන ලෙස පවසා කිසිම මාධ්‍යවේදියෙකු හට අධිකරණ ශාලාව අසලටවත් යාමට ඉඩ ලබා දී නැහැ.

එම නඩුවේ පැමිණිල්ල මෙහෙය වන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා හරක්කටා ⁣සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් කිරීමට යන බැවින් අධිනීතිඥවරයාගේ ඉල්ලීමක් අනුව විනිසුරුවරයාගේ නියෝගය පරිදි එලෙස මාධ්‍යවේදීන් ඉවත් කිරිමට කටයුතු කළ බව එම පොලිස් නිලධාරියා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළා.

ස්ත්‍රී දුෂණ නඩුවක් හෝ ළමා අපචාර නඩුවක් විභාග වන අවස්ථාවක දි බාහිර පාර්ශ්වයන් ඉවත් කර නඩුව පැවැත්වීමට අධිකරණයට බලයක් ඇතත් එවන් සුවිශේෂී තත්ත්වයක් නොමැති අවස්ථාවක දී මාධ්‍යවේදීන් ඉවත් කර රහසිගතව කරුණු දැක්වීමක් ඒ සඳහා අවසර ලබාදීමත් ගැටලුසහගත බව අධිකරණ මාධ්‍යවේදීන්ගේ අදහසයි.

සුවිශේෂී අවස්ථාවක් හෝ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන තත්ත්වයක් යටතේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනිමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අධිකරණ මාධ්‍යවේදීන් අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා හා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කිරීමට අධිකරණ මාධ්‍යවේදීන් කටයුතු කිරීමට සූදානම් බව ද වාර්තා වනවා.

එලෙස මාධ්‍යවේදීන් ඉවත් කර නඩුව ආරම්භ කළ අතර එම නඩුවට කිසිදු සම්බන්ධයක් නැති නීතිඥවරු සහ බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණ ශාලාව තුළ රැඳී සිටීමට අවසර දුන් අතර වෙනත් නඩු සඳහා පැමිණි පුද්ගලයින්ට හා පොලිස් නිලධාරීන්ට අධිකරණ ශාලාවට ඇතුල් වීමට අවසර හිමිවුණේ නැහැ.

හරක්කටා නමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිය ද ඉන් පලා යාමට සැලසුම් කිරීම හා අනුබලදීම චෝදනා යටතේ නදුන් චින්තක, මේ වනවිට රටින් පලා ගොස් සිටින පොලිස් නිලධාරියෙකු හා හරක් කටාගේ රියදුරු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

නීතිඥ සංජය ආරියදාස හා නීතිඥ අසේල මුතුමුදලිගේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි බවත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

රංගාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කිරීමට සිද්ධියට සම්බන්ධ යයි සැක කෙරෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...