පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රජයේ ඇමතිවරුන් සිය රථවාහන සදහා ඉන්ධන ලබාදෙන ලෙසට තමන්ගෙන් ඉල්ලීම් කරන අවස්ථාවන්හීදී ඉන්ධන පිරවුම්හල්වලට දුරකතනයෙන් අමතා ඔවුන්ට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
ඊයේ (14) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සදහන් කළේ ඉන්ධන හිඟයෙන් මැති ඇමතිවරුන්ද පීඩාවට පත්ව සිටින බවයි.
මේ වන විට කොළඹ නගරයේ කිසිදු ඉන්ධන පිරවුම්හලක පෝලිම් නොමැති බවත් විධිමත් පරිදි ඉන්ධන බෙදාහැරීමට සිය අමාත්‍යංශය කටයුතු කර ඇති බවත් ලොකුගේ අමාත්‍යවරයා සදහන් කරනවා.
ඊට අදාළ දර්ශන පහතින්,