මැතිවරණ කල් දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (28) දින නෙළුම් මාවතේ රැස්වීමක් අවසානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ප්‍රතිපත්තිවලට හානි කරන බව පැවසු රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේදී වෙලාවට ඡන්දය පැවැත්වු බව පැවසුවා.
දේශපාලන මෙන්ම රටක ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් බවත් ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා පවසා සිටියා.