31 C
Colombo
Tuesday, March 18, 2025

රෝහිතව සභාපති කළාම කෝප් කමිටුව තවත් හෑල්ලු වුණා – නලින් බණ්ඩාර (වීඩියෝ)

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන කෝප් කමිටුවේ සභාපතිත්වයට පත්කිරීමෙන්  කෝප් කමිටුව තව තවත් හෑල්ලුවට ලක් වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

ඔහු කියා සිටින්නේ දැනටමත් විශ්වාසය බිඳීඇති කෝප් කමිටුවට රෝහිත මන්ත්‍රීවරයා සභාපති කිරීමෙන් තවදුරටත් ඒ කෙරෙහි විශ්වාසය බිඳීගිය බවයි.

එබැවින් වහාම ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත් කරන ලෙසයි නලින් බණ්ඩාර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.

මේ අතර, අද (19) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු වාර්තා වූ අතර ඔහු ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද ඉල්ලා අස්වුණා.


RECENT ARTICLES - SINHALA

වත්කම් බැරකම් ගැන අලුත් නියෝගයක්

දූෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 156 (1) වගන්තිය...

පොහොර සහනාධාරය තවදුරටත්

2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

අස්වැසුම වෙනස් වෙලා

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා අද (18) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය...

POPULAR ARTICLES

පොහොර සහනාධාරය තවදුරටත්

2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම පිණිස අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව...

වත්කම් බැරකම් ගැන අලුත් නියෝගයක්

දූෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 156 (1) වගන්තිය...

පිළිකා රෝගීන්ට විකිරණ විකිත්සක උපකරණ සැපයීමට කැබිනට් අනුමැතිය

අධිබල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ විකිත්සක උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (18) පැවති කැබිනට් තීරණ...