චීනයේ සිනොපෙක් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය කියා සිටින්නේ ඉන් පසු කිසිදු ආකාරයකට ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි.
චීනයේ සිනොපෙක් සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම් ගතවීම පසුගිය මැයි 22 වනදා සිදු කෙරුණා.
මෙහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙහෙයුම් සිදුකළ ඉන්ධනහල් 150ක මෙහෙයුම් කටයුතු බාර දුන් අතර නව ඉන්ධනහල් 50ක් මෙරට තුළ ඉදිකිරීමට සිනොපෙක් සමාගමට අවසර හිමි වුණා.