28.4 C
Colombo
Monday, December 2, 2024

පුංචි ඡන්දය ගැන කියන්නේ කවද්ද

- Advertisement -

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බවට වාර්තා වනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මීට අදාළ නිවේදනය නිකුත් කළහොත් විභාගය අතරතුර අපේක්ෂකයින් සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති බවයි.

එය විභාගයට බාධාවක් වන බැවින් විභාගය අවසන් වනතුරු මැතිවරණය සම්බන්ධයෙන් වන නිවේදනය නිකුත් නොකිරීමට තීරණය කර තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විභාගය පැවැත්වීම ද දින කිහිපයකට කල් දැමුණු අතර එම කටයුතු මෙම සතියේ දී යළි ආරම්භ වීමට නියමිතයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ ව විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හෙට පස්වරුවේ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

මෙහිදී පළාත් පාලන මැතිවරණය කැඳවීමට අදාළ නාමයෝජනා යළි කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ද නියමිතව තිබෙනවා.

දැනට නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයින් පක්ෂ මාරුවීම, ඇතැම් පුද්ගලයින් විදෙස්ගත වීම හා තවත් පිරිසක් දේශපාලනයෙන් ඉවත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ඉදිරිපත් කර තිබු නාමයෝජනා අවලංගු කිරීම දේශපාලන පක්ෂ තීරණය කර ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

විදුලිය අඩු කරන යෝජනා 06 වැනිදා

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සිකුරාදා (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා පවසනවා. එය සකස්...

ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් – වාහන ගමනාගමනයටත් බාධා

ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල - කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබෙනවා. පාසල් වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින්...

වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර මට්ටමක

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා අද (02) දිනයේ ඉහළ යා හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන...

POPULAR ARTICLES

විදුලිය අඩු කරන යෝජනා 06 වැනිදා

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සිකුරාදා (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා පවසනවා. එය සකස්...

බයිඩන් පුතුට සමාව දීලා

ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී තිබෙනවා. හන්ටර් බයිඩන්ට බරපතල චෝදනා දෙකක් එල්ල...