දකුණු මුහුදු තීරයේ මේ වන විට නැව් 300-400 ක් අතර ප්‍රමාණයක් මුහුදුබත් වී ඇති බවත්, ඒ ආශ්‍රිතව ස්වභාවිකව ගල්පර ඇතිවී මත්ස්‍යයින් බිත්තරද දමා ඇති බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
කැස්බෑවන් පමණක් නොව මහා තල්මසුන් පවා මීට පෙරද ජීවිතක්ෂයට පත්වී වෙරළට ගසාගෙන පැමිණි බවත් නිසි පර්යේෂණයකින් තොරව මේ සම්බන්දයෙන් අදහස් දැක්විය නොහැකි බවත් අමාත්‍යවරයා පවසනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රජය මේ සම්බන්දයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු ගනිමින් සිටින බවයි.