ලබන මස 11ත් 15 වැනිදාත් අතර ඉන්ධන නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඊයේ (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවා.
ඒ මහතා සඳහන් කළේ ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බවත් ඒ වන තෙක් පෙට්‍රල් සැපයුම අවිනිශ්චිත බවයි.
මේ අතර ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල මාධ්‍ය වෙත දැනුම් දුන්නා.
එහිදී ඔහු සඳහන් කළේ එළැඹෙන ජූලි 10 වනදා සිට අඛණ්ඩ ඛනිජ තෙල් සැපයුම වෙනුවෙන් රජය ගතයුතු සෑම පියවරක්ම මේ වන විට රැගෙන අවසන් බවයි.
ඒ අනුව මෙරට ඉන්ධන සැපයුම පිළිබදව අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් එක් කතාවකුත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් තවත් කතාවකුත් සිදුකර මහජනතාව නොමඟ යවමින් සිටිනවා.