26.7 C
Colombo
Wednesday, January 22, 2025

ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක්

- Advertisement -

ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ, හදිසි සෞඛ්‍ය අවස්ථා හඳුනාගැනීම, වැළැක්වීම සහ ප්‍රතිචාර දැක්වීම මෙන්ම අනෙක් අයට ළඟාවීමට නොහැකි ස්ථානවලට ගොස් රෝග සඳහා මුල්වන හේතුවලට විසඳුම් සෙවීම, ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ගොඩනැගීම තුළින් ඇමරිකානුවන් ඇතුළු ලෝක ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන බවයි.

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආරම්භ සාමාජිකයකු බවත් දශක හතක කාලය තුළදී ඇමෙරිකාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව ජීවිත විශාල සංඛ්‍යාවක් බේරාගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වන බවට ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා.

කොවිඩ් වසංගතය ඇතුළු ගෝලීය සෞඛ්‍ය අර්බුද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදිව කළමනාකරණ නොකළ බව චෝදනා කරමිනුයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය දැනුම් දුන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශපාලන බලපෑම්වලින් මිදී කටයුතු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වූ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළ අතර අනෙක් සාමාජික රටවලට සාපේක්ෂව ලෝක සෞඛ්‍ය සංවිධානය අසාධාරණ අයුරින් විශාල ගෙවීම් ඇමෙරිකාවෙන් බලාපොරොත්තුවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ඡන්ද විමසිම් පනත ගැන අධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස...

පොල් ගෙඩි මිලියන 200ක් ගෙන්විමේ සූදානමක්

ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසනවා. එහි...

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත්...

POPULAR ARTICLES