ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පවසනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා අද (25) ප්‍රකාශ කළේ අනතුරට හේතුව සෙවීම සඳහා පත්කළ සත් පුද්ගල කමිටුවේ වාර්තාව මේ දක්වා නිකුත් කර නොමැති බැවින් ගුවන් අනතුරට හේතුව තවමත් ප්‍රකාශ කළ නොහැකි බව යි.
මෙවන් පසුබිමක් තුළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පුහුණු වීම් අතරතුර සිදුවූ අත්වැරදීමක් පුහුණු ජෙට් යානය කඩාවැටීමට හේතුවී ඇති බව පවසා තිබෙනවා.
ඒ පසුගිය ඉරිදා අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවකට එකවෙමිනුයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් වාරියපොළ ප්‍රදේශයට පසුගිය මාර්තු 21 වනදා කඩා වැටුණා.
අනතුරට හේතුවූ කරුණු සෙවීම සඳහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත සත් පුද්ගල කමිටුවක් පත්කළා.
Related

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබෙනවා. ත්‍රිකුණාමලය චයිනා බේ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන්. එම යානයේ සිටි නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ගුවන් හමුදාව…

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ තිබී ධීවරයින් පිරිසක් ඊයේ(26) මෙම…

වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාව අයත් K8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරුවී ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය…