24 C
Colombo
Thursday, November 7, 2024

අමෙරිකාවේ මීළඟ ජනාධිපති කවුද?

- Advertisement -

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම හෙට(05) සිදුවනවා.

මෙරට වේලාවෙන් හෙට(05) පස්වරු 5.00ට පමණ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වනු ඇති.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධික බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

අමෙරිකානු මැතිවරණ නීතියට අනුව සිය මනාපය කලින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වීම හේතුවෙන්, ඡන්ද දායකයින් මිලියන 75ක් පමණ දැනටමත් සිය ඡන්දය ප්‍රකාශ කර ඇතැයි, එරට බලධාරීන් පවස‍නවා.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලෙස තරඟ වදිනවා.

මීට අමතරව, චේස් ඔලිවර්, ජිල් ස්ටයින් සහ කොර්නල් වෙස්ට් තෙවැනි පාර්ශව සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජනාධිපතිවරණයට එක්ව සිටින බව විදෙස් වාර්තාවල සඳහන්.

“ස්වින්ග් ස්ටේට්ස්” ලෙස හැඳින්වෙන, අමෙරිකාවේ ප්‍රාන්ත හතක බලය තහවුරු කරගැනීමට ප්‍රධාන අපේක්ෂකයින් පසුගිය මාස කිහිපයේ දැඩි සටනක නිරත වුණා.

අවසන් ප්‍රචාරණ කටයුතු සිදුවන අද(04) දිනයේදී කමලා හැරිස් ඇගේ අවධානය යොමු කර ඇත්තේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයටයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්, නෝත් කැරෝලීනා ප්‍රාන්තයේදී සිය ප්‍රචාරණ කටයුතුවල නිරත වනු ඇති.

මෙම ජනාධිපතිවරණ සමයේ අමෙරිකාවේ වාර්තා වුණු කැපී පෙනෙන සිදුවීම අතුරින්, ජෝ බයිඩ්න් ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත්වී, කමලා හැරිස් නම් කිරීම සහ, ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන උත්සාහය සුවිශේෂි සිදුවිම් ලෙස පෙන්වා දිය හැකියි.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද සලකුණු කිරීමට විශේෂ දවස් දෙකක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙහි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වන විශේෂ දින දෙක අදින් (07) ආරම්භ වනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ...

කුණු ප්‍රශ්නෙට විසඳුම කොරියවෙන්

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය...

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදීම ගැන පැමිණිලි

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සේවකයින් සඳහා ප්‍රමාණවත් නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...