26 C
Colombo
Saturday, September 28, 2024

නිපුනආරච්චි මාලිමාවේ කැබිනට් එකෙන් හැලුනෙ ඇයි?

- Advertisement -

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ ඔහුගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එම පක්ෂයේ කොළඹ ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ගත් ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසට මැතිවරණ කොමිසම ගැසට් මගින් ප්‍රසිද්ධියට පත්කළා.

ඉන් අනතුරුව කියැවුණේ අලුත් පත්වන සිවුදෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ ඔහුද සාමාජිකයෙකු වන බවයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක, හරිනි අමරසූරිය, විජිත හේරත් හා ලක්ෂ්මන් නිපුනාරච්චි යන අය අතරේ අමාත්‍යංශය බෙදීයාමට නියමිතව තිබුණා.

නමුත් අවසානයේදී ලක්ෂ්මන් නිපුනාරච්චි හැර අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්නද ලක්ෂ්මන් නිපුනාරච්චි මහතාට සිදුවූයේ කුමක්දැයි බොහෝ දෙනෙක් දැන සිටියේ නැහැ.

අදාළ සිදුවීම පිළිබදව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා සදහන් කරන්නේ එය නීතිපතිවරයාගේ මතය අනුව සිදුවූවක් බවයි.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මැතිවරණ කොමිසම පිළිගෙන එය ගැසට් කර තිබුණද අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබිය යුතු බවට නීතිපතිවරයාගේ මතය බව නිපුනාරච්චි මහතා පවසනවා.

නමුත් මීට පෙර එලෙස දිවුරුම් නොදී බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යවරයෙක් ලෙසට කටයුතු කර තිබුණද පෙර වැරදි සිදුකිරීමට තම පක්ෂය කටයුතු නොකරන බැවින් තමන් හැර අනෙකුත් තිදෙනා කැබිනට් අමාත්‍යවරුන් ලෙසට කටයුතු කිරීමේ තීරණය ගත් බව ගුවන් විදුලි නාලිකාවක් හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කරනවා.

මීට පෙර එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි සරත් ෆොන්සේකා මහතා සිරගත කළ අවස්ථාවේදී මනාප ලැයිස්තුව අනුව මීළඟට පාර්ලිමේන්තුවට යෑමට නියමිතව තිබුණේ තමන් බවත් සිරගත කළ ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෑම නුසුදුසු බැවින් තමන් මන්ත්‍රී ධූරය භාර නොගෙන එම අවස්ථාවේදීද කැපවීමක් කළ බවත් ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

E- Visa ගාස්තුව නොසිතූ ගානකින් පහළට

වීසා නිකුත් කිරීම යළිත් පැරණි ක්‍රමවේදයට ක්‍රියාත්මක කිරීමත් සමඟ ඊ-වීසා නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව ඩොලර් 1.25 දක්වා අඩු වී තිබෙනවා. එය මින් පෙර...

කාලගුණයෙන් ජනතාවට හදිසි නිවේදනයක් 

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (27) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන...

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව නඩුවක්

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී...

POPULAR ARTICLES

හොරු අල්ලන්න ආපු විජිත (Photo)

0
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ(25) කොළඹ චීන තානාපති කාර්යාලය විසින් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු සඳහන්...

සාමාන්‍ය පෙළ කළ සිසුන්ට සුබ ආරංචියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව,...