29 C
Colombo
Friday, December 27, 2024

සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

- Advertisement -

නොරෝච්චෝල – කරඹ ප්‍රදේශයෙ සිය සැමියාගේ පහර කෑමට ලක්වී බිරිඳ අද (27) මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, නොරෝච්චෝල – කරඹ ප්‍රදේශයෙ පදිංචිව සිටි අවුරුදු 13 හා 8 ක දරුවන් දෙදෙනෙකුගේ මවක් වන නිසංසලා පෙරේරා නැමති කාන්තාවක්.

මෙම දෙදරු මව රැදි සිටි නිවසට කඩා වැදි ඇති සැමියා බිරියට පොලු මුගුරු වලින් පහර දී තුවාල සිදු කර ඇති බවත්, ඇයව කිසිදු අයකුට රෝහල් ගත කිරිමට පවා අවස්ථාව ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, 26 දින උදෑසන දැඩි අසාධ්‍ය තත්වයෙන් ලේ වහනය වී නිවසේ රැදි සිටියදී ඇගේ ඥාතියකු විසින් ත්‍රි රෝද රථයකින් පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබමින් සිටියදි අද (27) අලුයම මරණයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

සැමියා පුත්තලම නගරයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

පෞද්ගලික අංශය හාල් ටොන් 72,000ක් ගෙන්වලා

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (27) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි...

කතරගම බැතිමතුන්ට පීඩා කළ පුද්ගලයින් 22ක් අත්අඩංගුවට

කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය පවසනවා. මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවයි...

ප්‍රතිජීවක ඖෂධ භාවිතයට නව නීති

මෙරට ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම සදහා ඖෂධ ගෙන්වීමේ සිට නිර්දේශ කිරීම දක්වා වන ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...

POPULAR ARTICLES

දකුණු කොරියා වැඩ බලන ජනපතිවත් ධුරයෙන් එළවලා

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් දෝෂාභියෝගයෙන් පාරජයට පත්කර ධුරයෙන් නෙරපිමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්කළ අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ වද එරට පාර්ලිමේන්තුව...

අලුත් වුණ සිම්බාබ්වේ ටෙස්ට් වාර්තාව

සංචාරක ඇෆ්ගනිස්තායට එරෙහිව බුලවායෝහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ඉනිම ක්‍රීඩා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට අද (27) හැකිවුණා. තරගයේ දෙවන...

පෞද්ගලික අංශය හාල් ටොන් 72,000ක් ගෙන්වලා

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (27) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි...