30 C
Colombo
Thursday, September 19, 2024

වෙඩි වැදුණු ටැටූ ශොප් හිමිකරුගේ බිරිඳටත් බරපතළයි

- Advertisement -

පසුගියදා අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳද අසාධ්‍ය තත්වයේ පසුවන බව වාර්තා වෙනවා.

බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිඳ මේ වන විට ශල්‍යකර්මයකට ලක් කර ඇති අතර ඇය දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය 08 වැනිදා උදෑසන 10.00ට පමණ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි ටැටූ ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

සිද්ධියෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වසුළ නමැත්තා ජීවිතක්ෂයට පත්වූ අතර තවත් සිව්දෙනෙකු තුවාල ලැබුවා.

එමෙන්ම, මේ වන විට  කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන සිද්ධියෙන් තුවාල ලැබූ ‘ක්ලබ් වසන්ත’ගේ බිරිඳගේ තත්ත්වයද බරපතල වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා. කැනේඩියානු රජයේ සැලසුම අනුව, 2025 වනවිට මෙම වසර මෙන් 10%කින්...

Youtube නාලිකා හිමිකරුවෙකුගෙන් CID එකට නඩුවක්

'SL-Vlogs' යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා. 2023 වසරේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...