28.6 C
Colombo
Wednesday, April 2, 2025

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

- Advertisement -

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී යෝජනාව සම්බන්ධව හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වූ විජයදාස රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලැබී ඇති බවත් මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාව කථානායකවරයා භාරගැනීම පාර්ලිමේන්තුවේ බලය හෑල්ලුවට ලක් කිරීමක් ද වන බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් ඔහු කියා සිටියේ,

“දැන් ප්‍රශ්නය තියෙන්නේ හිටපු ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති බවට පත් කළා. ඒ පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගත් බවට කරුණු ඉදිරිපත් කළා. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඔහුගේ පත්වීම වලංගු නෑ කියලා. ඒ තත්ත්වය උඩ දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පතිවරයා නෙමෙයි. අධිකරණ නියෝගය තවමත් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය එලෙසම පැවතෙද්දි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අත්සන් කරලා යෝජනාවක් භාර දෙනවා දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පොලිස්පති ධුරයෙන් ඉවත් කරන්න කියලා. 

2002 අංක 5 දරණ පනත යටතේ එවැනි යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ එවකට ධුරය දරනු ලබන පොලිස්පතිවරයාට එරෙහිව පමණයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු පොලිස්පතිවරයා නොවන බවට තීරණයක් තිබියදීත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු යෝජනාවක් කථානායකවරයා භාර අරගෙන තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 2002 අංක 5 දරණ උසස් නිලධාරීන් ඉවත් කිරීමේ පනත යටතේ විධිවිධානවලටත් පටහැනියි. 

යම් හෙයකින් ඔහුට විරුද්ධව තිබෙන දූෂණ චෝදනා සම්බන්ධව පරීක්ෂණයක් කරන්න ඕන වුණොත් ඒ සඳහා කමිටුවක් පත් කරන්න ඕනේ ඒ සඳහා කමිටුවේ සභාපතිවරයා වෙන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම නිඟමනයක් දීලා තියෙනවා පොලිස්පති නෙමයි කියලා. අනිත් පැත්තෙන් පරීක්ෂණයක් පවත්වනවා පොලිපති ධුරයෙන් ඉවත් කළ යුතුද කියලා. ඒ නිසා මේක පාර්ලිමේන්තුවෙන් විශේෂයෙන්ම කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය සෑහෙන දුරට හෑල්ලුවට ලක් කිරීමක්. මොකද නීතියේ බලයක් නැති ක්‍රියාවක් තමයි ඔවුන් මේ සිදුකරන්න යන්නේ….”

RECENT ARTICLES - SINHALA

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...

වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු...

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට්...

POPULAR ARTICLES

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...

වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු...