YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන ‘Wild Cookbook’ ඊයේ (28) සිය ග්‍රාහකයින් මිලියන 10 පසුකර ගියා.
ඒ අනුව, මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාලිකාවේ හිමිකරුවා බවට ඔහු පත්වුණා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහුට හැකිවුණා.
2020 වසරේ දී දියත් කරන ලද මෙම යූටියුබ් නාලිකාවේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන තිබෙනවා.
චරිත්ගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් වී තිබුණා.
මෙම සන්ධිස්ථානයට ළඟා වූ චරිත් සිය ප්‍රේක්ෂකයින්ට කෘතඥතාව පළ කරමින් පවසා සිටියේ ’10 Million කෝටි වාරයක් ස්තූතියි’ යනුවෙන්.
ඒ අනුව, චරිත්ට යාමට තිබෙන ඊළඟ කඩඉම Red Diamond Play Button එක වන අතර, ඒ සඳහා ඔහු ග්‍රාහකයින් මිලියන 100 සම්පූර්ණ කළ යුතු වනවා.