වනජීවී නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයට කිසිදු සංචාරකයෙකු ඇතුලත් කිරීමක් නොවූ බව වනජීවී නිළධාරිහු පවසති.
කතරගම කටගමුව පිවිසුම් දෙරටුව, පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව, ගල්ගේ පිවිසුම් දොරටුවද විවෘතව පැවතියද ප්‍රවෙිශ පත් නිකුත් කිරීමක් නොවූ බවද වාර්තා වේ.
මීට අමතරව ලුණුගමිවෙහෙර ජාතික වනෝද්‍යානය, බූන්දල ජාතික වනෝද්‍යානය, උඩවලව යනාදී වනෝද්‍යානද ඉබෙිටම වැසී ගොස් ඇතැයි පැවසේ. වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ජලගැලුමි නිමින ජාතික වනෝද්‍යානයේ පසුගියදා සිදුකල කේෂ්ත්‍ර චාරිකාවකදී වනජීවී කේෂ්ත්‍ර නිලධාරීන් පිරිසකට බැන තර්ජනය කිරීම සිද්ධිය පිළිබඳව ජනාධිපති, අගමැති හෝ වනජීවී කැබිනට් ඇමති හෝ මෙිපිළිබදව සොයා නොබැලීම මෙයට හේතුවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
-Lankadeepa